අපට ඕන තෙවරප්පෙරුම වගේ නායකයෙක්! වතුකරයේ ජනතාව ඔහු ජනාධිපති කරන්න සූදානම්! – ඇමති රාධක්‍රිෂ්ණන්

September 15, 2019 at 6:16 pm | by emanisa.lk

අධිකරණ නියෝගයක් නොතකා මිය ගිය පුද්ගලයකු බලහත්කාරයෙන් වත්තක භූමදානය කිරීම නිසා බන්ධනාගාරගත කර නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හිරගෙදරින් නිදහස් වූ පසු නායකයෙක් වීම කිසිවකු වැළැක්විය නොහැකි බව ඇමති වී. රාධක්‍රිෂ්ණන් පවසයි.

එම උසාවි නියෝගය පිිළිබඳ තමන්ට කතා කළ නොහැකි වුවත් ඔහු කළ ක්‍රියාව අගය යුතු යැයි ඇමතිවරයා පැවසීය. වතු අධිකාරිවරයා අදාළ මිය ගිය පුද්ගලයා වත්තේ භූමදාන කිරීමට එරෙහි වූ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා ඊට මැදිහත් වී තිබිණි.

තමන්ට ඉදිරියට උවමනා වන්නේ එවැනි නායකයෙක් බවත් වතුකරයේ ජනතාව ඔහු පිළිබඳ ඉතාම උනන්දුවෙන් සිටින බවත් හෙතෙම පැවසීය.

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වතුකරයේ ජනතාව කිසිදු ප්‍රශ්නයක් නැතිව ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණයේදී වතුකරයේ ඡන්ද හිමිවන්නේ ප්‍රේමදාස පරපුරේ උරුමක්කාරයාට බව මෙයට පෙර ඇමතිවරයා පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස