ඒ කාලේ අපි බිව්වේ නැත්තේ සල්ලි නැති නිසායි! – ලාල් කාන්ත

March 4, 2019 at 10:11 pm | by admin

අතීතයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මත්පැන් නොබොන සංස්කෘතියකට හුරු වූයේ ආර්ථික අපහසුතා මැද ගොඩනැඟුණු පක්ෂයක් නිසා බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

“තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්‍රශ්නය.

හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළු‍වන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඩේ මොකක්ද කියලා.

අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උන්ගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූපය.”

හෙතෙම මෙම අදහස් පළ කළේ පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙමිනි. වසර කිහිපයකට පෙර උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා කෘතිය එළිදකින අවස්ථාවේ සිය අගහිඟකම් පිළිබඳ සංවේදී ලෙස අදහස් දැක්වූ ලාල් කාන්ත පසුගිය දිනක පැවසුවේ තමන් ඉඩකඩම් වතු පිටි හිමි අය මිස හිඟන්නන් නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *