ආණ්ඩුවේ කුපාඩිකම් හංගන්න ෆේස්බුක් තහනම් කරන්න දෙන්න බෑ! තරුණ පරපුර ෆේස්බුක් රැකගන්න පෙරට එන්න ඕන! – අගමැති (video)

May 20, 2019 at 7:52 pm | by admin

තරුණයන් සමග එකතු වී ෆේස්බුක් ආරක්ෂා කිරීමට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රූපවාහිනි සහ පුවත්පත් මාධ්‍ය මේ වන විට දැඩි මර්දනයකට ලක්ව ඇති බව පවසන අගමැතිවරයා සියලු තොරතුරු ජනතාව වෙත යන්නේ ෆේස්බුක් ඔස්සේ බව පවසයි. ආණ්ඩුවේ හැම කුපාඩිකමක් ම ෆේස්බුක් නිසා හෙළිවන බව අගමැතිවරයා පෙන්වා දෙයි.

කිසියම් පෙම්වතුන් යුවළක් සිය ලිපියක් ලියා සිය සබඳතාව අවසන් කළ විට එක් අයකු දිවි නසාගත්තේ යැයි තැපැල්කරුට පහර නොදෙන බව පවසන අගමැතියරයා ෆේස්බුක් තහනම් කිරීම ද එවැනි මෝඩ වැඩක් බව පවසයි.

එහෙයින් ෆේස්බුක් තහනම් කිරීමට ආණ්ඩුව කරන කටයුතුවලට තමා ඊට විරුද්ධ බව පවසන අගමැතිවරයා ෆේස්බුක් රැකගැනීමට ඉදිරිපත්වන ලෙස තරුණ පරපුරෙන් ඉල්ලා සිටියි.

කෙසේ වුවද අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගිය රාජක්ෂ පාලන සමයේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස