අපි ආණ්ඩුව ගත්තා විතරයි ගං වතුර ගැලුවා නාය ගියා කුණු කඳු කඩා වැටුණා! දැන් බෝම්බ පුපුරනවා! නමුත් අපි නොසෑහෙන්න වැඩ කළ නිසා ලැජ්ජ නැතිව ගෙදර යන්න පුළුවන්! – ඇමතිනි තලතා

May 25, 2019 at 12:20 pm | by admin

අවුරුදු තුනහමාරක් තුළ භාග ආණ්ඩුවක් යටතේ නොයෙක් බාධා මැද විශාල වැඩ කොටසක් කිරීමට තමන්ට හැකි වූ බැවින් ඕනෑම මොහොතක බලය අත හැරීමට හැකි බව ඇමතිනි තලතා අතුකෝරල පවසයි.

“අපි අවුරුදු තුන හමාර තුළ කළ දේ පේන්න තියෙනවා. අපිට හරියාකර ආණ්ඩුවක් නැහැ. භාග ආණ්ඩුවක් තියෙන්නේ. අපි අපේ ආණ්ඩුවක් ගත්තා නමුත් අපි හිතපු නැති විදිහට අපේ ආණ්ඩුව හොරකම් කරන්න හැදුවා. වෙන කෙනෙක් අගමැති වෙන්න හැදුවා. මේ අයට සමහර වෙලාවට බලය නැතිව ඉන්න බැහැ. අපිට නම් එහෙම නැහැ. අපි ජනතාව සන්තෝෂ වෙන විදිහට වැඩ කරලා තියෙනවා. අපිට ඕනම වෙලාවක ගෙදර යන්න පුළුවන්.

අපි අපේ ආණ්ඩුව ගත්තාට පස්සේ ගං වතුර වලට මුහුණ දුන්නා නාය ගියා නියගය ආවා කුණු කදු කඩා වැටුණා. ඒ හැම දේකටම අවශ්‍ය විදිහට වන්දි ලබා දුන්නා.

දැන් ඊට පස්සේ බෝම්බයකට මුහුණ දෙනවා. මේ විනාශය කරපු අයට අපි කියලා තියෙන්නේ තත්වයක් තරාතිරමක් නොබලා ආරක්ෂක හමුදාවට භාරදීලා තියෙන්නේ ඒ අයට දඬුවම් කරන්න.

අපි ත්‍රතවාදයෙන් බැට කාපු රටක්. ඒ ත්‍රස්තවාදයට වඩා වෙනස් ත්‍රස්තවාදයක් අද ඇවිල්ලා තියෙන්නේ. අද මේක එකපාරටම ස්වර්ගයේ ද කොහේද යනවාලු. ඒකට යන්න අහිංසක ජනතාව මරපු ත්‍රස්තවාදයක් මේක.

මේක හොදට කල්පනාවෙන් කටයුතු කරන්න ඕන අවස්ථාවක්. මේ ත්‍රස්තවාදය ආගමික ත්‍රස්තවාදයක්. අපි කියන්නේ නැහැ මේකට හැම කෙනාම වග කියන්න ඕන කියලා. සතියක් යන්න කලින් රට යථා තත්වයට පත් කරන්න ක්‍රියා කළා. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්.

දැන් කියනවා තලතා අයි එස් අයි එස් ලු. මම නම් ඕවාට බය නැහැ. අපිට මඩ ගහන්න හැදුවත් මේ දිස්ත්‍රික්කයේ මාත් එක්ක ඉන්න අහිංසක පොළොවේ පය ගහලා ඉන්න ජනතාව දන්නවා අපේ දේශපාලනය මොකක්ද කියලා. අපි මේ අවුරුදු තුන හමාර තුළ කෝටි තුනකට වඩා වැඩ එක වසමකට කරලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස