ඊළඟට බිහිවන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් බවට ඇමරිකාවත් අනාවැකි පළකළා! -මහින්ද රාජපක්ෂ

May 24, 2019 at 8:24 am | by admin

පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා ඉතිහාසයේ නුවූ විරූ බියක් ජනතාව තුළ ඇති වූයේ යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) බත්තරමුල්ල නෙලූම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

අපි තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් රටක්. ත්‍රස්තවාදයක් රටේ තියෙන අවස්ථාවක බෝම්බ පිපිරෙනවා. නමුත් ඒ කාලේ මේ විදියට රට අස්ථාවර වුනේ නැහැ. එදා ත්‍රිවිධ හමුදාව ඇතුලු රටේ නායකත්වය ගැන ජනතාවට විශ්වාසයක් තිබුණා. මේ බෝම්බ පිපිරීමෙන් ඉතිහාසයේ කවදාවත් නොවූ බියක් ජනතාව තුළ ඇති වුණා. අපි සියල්ලටම පෙර රටට මූලිකත්වය දිය යුතුයි. මේ නායකත්වය යටතේ තව කාලයක් රට පැවතුණොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි.

මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන කිසිම අවධානයක් යොමු කළේ නැහැ. පහුගිය අවුරුදු හතරක කාලය පුරාම කලේ ආරක්ෂක අංශ දුර්වල කරමින්, විරුද්ධවාදින් මර්දනය කරන්න ආරක්ෂක යාන්ත්‍රණය යොදා ගැනීමයි. මෙවැනි ඛේදවාචකයකට රටට මුහුණ දෙන්න වුණේ ඒ නිසයි.
මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන එක ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ.

ඒ නිසා ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ජනාධිපතිවරණයත් පුළුවන් නම් නොතියා ඉන්නයි සුදානම. එවැනි තත්ත්වයක් ඇති වුණොත් අපි අධිකරණයට යන්න සූදානම්. මැතිවරණයක් ළංවෙද්දි පහුගිය කාලයට වඩා වැඩියෙන් දේශපාලන පලිගැනීම් සිද්ධ වෙන්න පුළුවන්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස