ආර්ථික වර්ධන වේගය 1.6% වැටෙයි! පසුගිය විසි වසරක අඩුම වර්ධනය මෙයයි!

October 13, 2019 at 7:29 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1.6%ක් දක්වා පහත වැටී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

2019 වසරේ පළමු කාර්තුවේ 3.7%ක ආර්ථික වර්ධනයක් පැවතුණ ද ඊට පසු එහි දක්නට ඇත්තේ අඛණ්ඩ පසුබෑමක් බව එහිදී අනාවරණය කෙරිණි.

මහ බැංකු වාර්තා අනුව 2015 වසරේ සිට මෙරට ආර්ථිකය අඛණ්ඩ පසුබෑමක් ප්‍රදර්ශනය කරන අතර එය 2018 වසරේ 3.2%ක් විය.

මෙවැනි අවම ආර්ථික වර්ධනයක් මෙයට පෙර වාර්තා වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2001 වසරේය. ඒ -1.5%කි.

2014 වසරේ 6%ක ආර්ථික වර්ධන වේගයක් පැවති අතර එය ආසියාවේ දෙවෙනි වූයේ චීනයට පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස