අයවැය සහ ජනාධිපතිවරණ කටේ අගමැති තිරුපති කෝවිළේ විශේෂ පූජාවක!

March 3, 2019 at 5:57 pm | by admin

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දින ඉන්දියාවේ තිරුපති කෝවිලේ පුද පූජාවලට එක්විය.

සිය බිරිඳ සමීපතම හිතවතුන් සමග චෙන්නායිහි සිට විශේෂ ගුවන් යානාවකින් තිරුපති බලා පැමිණි අගමැතිවරයා ඔහුගේ බරට රත්තරන් හෝ වටිනා ලෝහයක් පුජා කොට මෙම පූජාව සිදු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එසේම මෙම පූජාව වෙනුවෙන් අති විශාල මුදලක් වැය වී ඇති බව ද ඉන්දීය වාර්තාවල සඳහන් වෙයි. අගමැතිවරයාගේ සියලු ග්‍රහ අපල දුරු වී ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම වෙනුවෙන් ඉන්දීය ජ්‍යෝතිෂ උපදෙස් අනුව මෙම පුද පූජා සිදු කර ඇත.

සුළුතර ආණ්ඩුවක් යටතේ අයවැය ඉදිරිපත් කිරීමට ආසන්න සමයක මෙම විශේෂ පූජාව සිදු කිරීම ද විශේෂත්වයකි. ජනාධිපතිවරණය ද ඕනෑම අවස්ථාවක කැඳවිය හැකිය.

කෙසේ වුවද 1999 මෙන්ම 2005 වසරේ ද ජනාධිපතිවරණවලින් පරාජයට පත් වූ අගමැති රනිල් වික්‍රමසිංහට 2010 සහ 2015 වසරවල ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීමට පවා නොහැකි විය. මීට පෙර ද අගමැතිවරයා තිරුපති ගොස් විවිධ පුද පූජාවලට සහභාගී විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස