එජාප නායක රනිල්ගෙන් හිට්ලර් පරදන තීන්දුවක්! කෘත්‍යාධිකාරී රැස්වීමට දුරකතන තහනම්!

January 31, 2020 at 11:27 am | by emanisa.lk

ඊයේ (30) පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ජංගම දුරකථන හෝ වෙනත් පටිගත කිරීමේ යන්ත්‍ර ගෙන යාම තහනම් කර තිබිණි.

මින් පෙර කිසිම අවස්ථාවක එවන් තහනමක් පනවා නොතිබූ බව වාර්තා වෙයි.

සජිත් පිලේ ප‍්‍රබලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ මෙය හිට්ලර් පන්නයේ අන්ත ආඥාදායක තීන්දුවක් බවය.

එම කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී තීරණය කරනු ලැබුවේ රනිල් වික‍්‍රමසිංහ තව දුරටත් එජාප නායකයා ලෙස කටයුතු කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස