එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්නට සහ අර්ජුණ රණතුංගට එජාප ජ්‍යෙෂ්ඨයන් ආරාධනා කර ඇත.
එජාප සාමාජිකත්වය ලබා ගන්නේ නම් රාජිත සේනාරත්නට ඉහළ තනතුරක් ද ලබා දීමට සූදානම් බව ද ඔවුන් පවසා තිබේ.
කෙසේ වෙතත් හිටපු ඇමැතිවරයකු වන පාඨලී චම්පක රණවකට එවැනි ආරාධනාවක් කර නැතැයි එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සති අන්ත ජාතික පුවත්පතකට පවසා ඇත.
ඔහුට එජාප සාමාජිකත්වය ලබා දීමට එජාපයේ කණ්ඩායමක් දැඩි ලෙස විරෝධය පළ කිරීම මීට හේතුවයි. එවැනි ආරාධනයක් ලැබෙන්නේ නම් හෙළ උරුමයෙන් ඉවත් වී එජාපයට එකතු වීමට පාඨලි චම්පක ද සූදානමින් සිටින බව මෙයට පෙර වාර්තා විය.