රටට ඕන ස්වාධීන කතානායක කරූ වගේ නායකයෙක්! – ඇමති පාඨලී

March 28, 2019 at 10:57 am | by admin

රටට නැවත පවුල් පාලනය කරා යා නොහැකි බවත් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපය ගොඩනැංවීමට කතානායක කරූ ජයසූරිය වැනි නායකයකු රටට අවශ්‍ය බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

“අපි 2015 පවුල් පාලනයට එරෙහිව යම් පිවයරක් තැබුවා. ඒ ගමන නැවත හැරෙන්නේ නෑ. ඒක හැමෝම මතක තියාගන්න ඕන කවුරු කොහොම කවුරු වන්දනා කළත්. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපය ගොඩනංවන්න පුළුවන් නායකයෙක් අද රටට ඕන. එතනදී අපට අපේ ගරු කතානායකතුමා අමතක කරන්න බෑ. එතුමා ඒ සෑම ක්ෂේත්‍රයක්ම පරිපූර්ණ කරලා තියෙනවා.”

කෙසේ වුවද කරූ ජයසූරිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටි පක්ෂපාතීම අපකීර්තිමත්ම කතානායක ලෙස විවේචනයට පාත්‍ර වන අතර ඔහු සභාපතීත්වය දරන ව්‍යවස්ථාදායක සභාව ද දැඩි එජාප පක්ෂපාතී ආයතනයක් ලෙස විවේචනයට පාත්‍ර වෙයි. 2001-2003 සමයේ විදුලිබල ඇමති ලෙස දිනකට පැය ගණනක් විදුලිය කපා දැමූ කරූ ජයසූරිය එදා හැඳන්වූයේ කරුවල ජයසූරිය ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස