මේ රටට සුදු රෙද්දෙන් වහපු බොරු දේශප්‍රේමයක් වැඩක් නෑ! – එජාප පසු පෙළින් පාඨලීට පිළිතුරු

February 9, 2019 at 6:25 pm | by admin

පසුගියදා අමාත්‍ය පාඨලි චම්පික රණවක විසින් ආණ්ඩුවට තිබූ මහ ගෞරවය අහිමි කර එජාපයේ ඡන්ද පදනම පහළ දැම්මේ එජාප පසුපෙළ බවට චෝදනා කළ අතර ඔක්තෝබර් 26ත් එජාප ආණ්ඩුව රැකුණේ තමන් නිසා බව කීවේය.

මේ ප්‍රකාශයට අද එජප මන්ත්‍රී හේෂා විතානගේ මෙසේ පිළිතුරු දුන්නේය.
“චම්පික රණවක ඇමතිතුමනි, අපි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ හිටියාට, ගමේ මිනිස්සු එක්ක හැප්පෙන මිනිස්සු. ඔබතුමන්ලා කොළඹ සීත කාමරවල ඉඳලා තීන්දු ගත්තාට මේ ගමේ අහිංසක මිනිස්සුන්ගේ හැඟීම් දන්නේ අපි. ඔබතුමන්ලා දේශපාලනයේ යෙදෙන අරමුණුවලින් එහාට ගිහින් පුංචි මිනිස්සුන්ගේ අරමුණු වෙනුවෙන් අපි නියෝජනය වෙන්නේ. රටට අවශ්‍ය වෙන්නේ සැබෑ දේශප්‍රේමයක්. සුදු රෙද්දකින් වහගත්ත බොරු දේශප්‍රේමයක් නෙමෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස