එකට හිඟමනේ ගිය අන්ධයයි කොරයි වගේ සජිත් රනිල් වෙන්වෙලා! එජාපයට ඉදිරි ගමනක් නෑ! අපට හරිම කනගාටුයි! – ජවිපෙ (video))

February 6, 2020 at 11:24 am | by emanisa.lk

රනිල්ව වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස හැසිරෙන්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඡන්දය දුන් ලක්ෂ 55ක් ජනතාවට සාධාරණයක් වන ආකාරයට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

මෙයට පෙර එකට සිඟා කෑ අන්ධයා සහ කොරා මෙන් මෙතෙක් හැසිරුණු සජිත් රනිල් මේ වන විට වැඩි වාසි තකා වෙන්ව යෑම නිසා එජාපයට ඉදිරියට ගමනක් නැති බව ඔහු පෙන්වා දෙයි.

මේ තත්ත්වය නිසා ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අසරණ වී ඇති බවත් ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව කෙරෙහි තමන් කනගාටු වන බවත් මන්ත්‍රීවරයා පවසයි.

එහෙයින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැඟීම සඳහා ඒ ජනතාව ජාතික ජනබලවේගය සමග එකතු විය යුතු බව ද හෙතෙම සඳහන් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස