ආණ්ඩුව ජවිපෙ ආශීර්වාදයත් ඇතිව TNA සමග ජාතික ආණ්ඩුවකට?

January 26, 2019 at 12:59 am | by admin

වත්මන් එජාප ආණ්‌ඩුව ජාතික ආණ්‌ඩුවක්‌ යළි සෑදීමට උත්සාහ කරන්නේ ඉදිරි අයවැය සම්මත කර ගැනීමට බහුතරයක්‌ නැතිව ‘දතකට පූට්‌ටු වී’ සිටින නිසා යෑයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

ඔහු මෙසේද කීවේය. එජාප පසුපෙළ මන්ත්‍රීවරු ඉන්නේ කලකිරිලා. කැබිනට්‌ නොවෙන මන්ත්‍රීවරුන් ඉන්නෙත් කලකිරිලා. ඒ නිසා ඔවුන් හදන්නේ ජාතික ආණ්‌ඩුවක්‌ අටවගෙන ඇමැතිධුර ගණන වැඩි කර ගැනීමටයි.

ආර්. සම්බන්ධන් මහතා කියනවා ඔහුට තිබුණු විපක්‍ෂ නායකකම නැතිව ගියා කියලා. ඒ නිසා එජාපය හදන්නේ දැන් ටී. එන්. ඒ. සමග එක්‌ වී ජාතික ආණ්‌ඩුවක්‌ හදාගෙන අයවැය සම්මත කර ගැනීමට බවයි මගේ පෞද්ගලික විශ්වාසය.

ජවිපෙ කියනවා එහෙම ජාතික ආණ්‌ඩු හදන්න දෙන්නේ නෑ කියලා. අපි ඔවුන්ගේ හැසිරීම දෙසත් බලා සිටිනවා. එළියේදී එජාප ආණ්‌ඩුවට විරුද්ධව කතා කරන ජනතා විමුක්‌ති පෙරමුණ එජාප ආණ්‌ඩුව ජාතික ආණ්‌ඩුවක්‌ කර හෝ ඉදිරියටම අරගෙන යන්න යටින් උපදෙස්‌ දෙන බව දැන් මුළු රටම දන්නවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස