ජවිපෙ ගණිකා වෘත්තියේ යොදවා හම්බ කරගෙන කන අනුරලා නින්දිතයි! – ජනපති අනුර පතුරු හරිමින් ජවිපෙ අරටුව ගෝඨාට එකතු වෙයි!

October 28, 2019 at 9:19 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ නම් පක්ෂය බිහි කළ රෝහණ විජේවීර පණ පිටින් පුළුස්සා මරා දැමූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දරදිය අදිමින් සිටින බව 71 පුරෝගාමී සංවිධානය චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට දේශප්‍රේමය ඉවත දමා ජාත්‍යන්තරවාදයට ගොස් ඇති බවත් 88-89 සමයේ හැට දහසක් තරුණයන් එජාප ආණ්ඩුව සමූල ඝාතනය කළේ දේශප්‍රේමය නිසා බවත් ජවිපෙ සමාරම්භක මහ ලේකම් කල්‍යාන් කරුණාරත්න පවසයි.

පාස්කු බෝම්බ ප්‍රහාරකයන්ගේ පියා වන ඊබ්‍රාහිම් වැනි ජාවාරම්කාරයන් ජාතික ලැයිස්තුවට ගෙන එමින් ජවිපෙ ගණිකා වෘත්තියේ යොදවා හම්බ කරගෙන කන අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති සහ ටිල්වින් සිල්වලා පිළිබඳ තමන්ට ඇත්තේ දැඩි පිළිකුළක් බව නීතිඥ තුසිනා නාමලී සිල්වා පවසයි.

ජවිපෙ පවසන අධිරාජ්‍යවාදයට විනාශය ජනතාවට විමුක්තිය වැනි අදටත් වලංගු සැබෑ සටන් පාඨ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන නායකයා ගෝඨාභය රාජපකක්ෂ බව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහණ හේරත් පවසයි.

එහෙයින් ගෝඨාභය රාජපක්ෂ මේ රටේ බලයට පත්කළ යුතු බවට ජවිපෙ පැරණි නායකත්වය සහ සාමාජිකයන් තීන්දු කර ඇතැයි හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස