අනුර ජවිපෙ එජාප වෘත්තීය සමිතියක් කළා! වහාම නායකත්වයෙන් ඉවත් විය යුතුයි! – ජවිපෙ ඇවිළෙයි….

December 22, 2019 at 6:30 pm | by emanisa.lk

ජනාධිපතිවරණයෙන් දැවැන්ත පරාජයක් ලැබූ ජවිපෙ නායක අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත්විය කිරීමට එම පක්ෂ අභ්‍යන්තරයේ දැඩි සටනක් ආරම්භ වී තිබේ.

ජාතික මැතිවරණවල දී 6% පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ජවිපෙ 3% දක්වා පහත වැටුණේ අනුර දිසානායක එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම සමග ගෙන ගිය අතිශය සමීප සබඳතා බවට ජවිපෙ පිරිසක් චෝදනා කරන බව වාර්තා වෙයි.

අනුර දිසානායකගේ එජාප හිතවාදී ප්‍රතිපත්තිය නිසා සමාජවාදී මාවතක ගමන් කළ ජනතා විමුක්ති පෙරමුණ ධනවාදී එජාපයේ වෘත්තීය සමිතියක මට්ටමට පොදු ජනතාව අතර පත්ව ඇති බවට එම පක්ෂ අභ්‍යන්තරයේ ස්වයං විවේචනයක් මතුව ඇත.

ජවිපෙ නායක අනුර දිසානයක ඔහු සමග පසුගිය වර නායකත්වයට තරඟ කේ.ඩී. ලාල්කාන්ත අමතා තමා නායකත්වයෙන් ඉවත් වන්න දැයි විමසා ඇතැයි ද වාර්තා වෙයි.

මේ අතර අනුර දිසානායක හිතවාදීන් සහ ජවිපෙ එජාප හිතවාදී ප්‍රතිපත්තියට කැමති කණ්ඩායම් අනුර නායකත්වයෙන් ඉවත් වීම අර්බුදයට විසඳුම නොවන බවට හැඟීම්බර ප්‍රචාරණ ව්‍යාපාරයක් ද දියත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස