ආර්ථිකය වනසා ගෝඨා පරදන්න සූදානම්! රටේ සමාගම් පහකට ජවිපෙ ආර්ථික ඝාතකයන් රිංගයි!

February 3, 2020 at 6:41 pm | by emanisa.lk

ආණ්ඩු විරෝධි සටන ජනතා විමුක්ති පෙරමුණ විසින් නව ජවයකින් අරඹා තිබෙන බව එම පක්ෂයට අදාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සුපුරුදු වීදි සටන්, මාධ්‍ය හමු වෙනුවට ජවිපෙ මෙවර රජය අපහසුතාවට පත් කිරීම වඩාත් උපක්‍රමශීලිව සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් දැනගන්නට තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල සවියක් වන, ප්‍රධාන පෙලේ පෞද්ගලික සමාගම් පහක සිය වෘත්තීය සමිති ඇරඹීමට ජවිපෙ සුදානම් වෙයි.

මෙහිදී ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ රටේ ආර්ථිකයට සුවිශාලම දායකත්වය ලබා දෙන අදාළ පෞද්ගලික සමාගම් වැඩ වර්ජන මාර්ගයෙන් අඩපණ කර මෙරට ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් බිඳ වැට්ටවීමයි.

එහිදී එල්ල වන ආර්ථික අවපාතයෙන් සිදුවන ජනතා පීඩනය ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලනයේ කළමනාකරණ අඩුවක් බව පෙන්වීම මෙහි අවසන් ප්‍රතිඵලයි.

ජවිපෙ මෙම නව ආණ්ඩු විරෝධී ක්‍රමෝපායට එම පක්ෂ දේශපාලන මණ්ඩලයෙන් ඉහළ පැසසුම් හිමිව තිබෙනා බවත් සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස