ගෝඨාභයට 2/3ක ආණ්ඩුවක් හදාගන්න පුළුවන්! – ලාල්කාන්ත

January 17, 2020 at 12:02 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට පසු සිය ආණ්ඩුව බන්දේසියක තබා භාරදුන් එජාපය නැවත මහ මැතිවරණයක් පැමිණි විට ආණ්ඩු බලයක් ඉල්ලීම විකාරයක් බව ජවිපෙ දේශපාලන බල මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

එක ජනවරමක් තවත් ජනවරමකින් තවත් ජනවරමක් අහෝසි වන්නේ කෙසේ දැයි තමන් විමසන බව ද ඔහු සඳහන් කරයි. එළඹෙන මහ මැතිවරණයේ දී එජාපයට ආණ්ඩු බලයක් හිමි නොවන බවත් ආණ්ඩුවට 2/3ක බලයක් හිමි නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂට 2/3 ආණ්ඩුවක් තනා ගත හැකි බව ද ඒ සඳහා බහුතර ආණ්ඩුවක් තනාගෙන එජාප පිරිසක්  සල්ලිවලට එකතු කරගනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස