සජිත් කෝටි 120ක් ගැහුවේ මටවත් කියලා නෙමෙයි! – රනිල්

September 2, 2019 at 9:18 pm | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සිය දේශපාලන ප්‍රචාරණ කටයුතුවලට වියදම් කර ඇත්තේ තමාට ද නොදන්වා බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ එජාප මන්ත්‍රීි හමුවක් අතරතුරය. ඒ සඳහා ඇමති සජිත් නොමැති අවස්ථාවක් තෝරා ගැනීමට ද ඇමති රවී පරිස්සම් වී තිබිණි.

‘සජිත් පහුගිය කාලෙ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන 1.2ක් විතර අරන් තියනවා. ඒ මුදල් සම්පූර්ණයෙන් ම වියදම් කරලා තියෙන්නෙ එයාගෙ ප්‍රචාරණ වැඩවලට. මම යෝජනා කරනවා, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා.’යැයි රවී කරුණානායක පවසා ඇත.

එවිට රනිල් මෙසේ පවසා ඇත්තේ රවී කළ යෝජනාව අනුමත කරමිනි.

‘මධ්‍යම සංස්කෘතික අරමුදලේ භාරකාරත්වයට මමත් ඇතුළත්. සජිත් සල්ලි අරන් තියෙන්නෙ මටවත් කියල නෙවෙයි. කොහොම වුණත් ඉක්මනින් ම මේ ගැන පරීක්ෂණයක් කරන බවට මං පොරොන්දු වෙනවා.’

අගමැති රනිල් පැවසූ ආකාරයටම මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස