සජිත් එජාප කඳවුරේ බලය අල්ලයි! 06 වෙනිදා මෙහෙයුමට සියල්ල සූදානම්!

August 17, 2019 at 9:40 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේ අපේක්ෂකත්වය ලබා නොදුනහොත් ලබන සැප්තැම්බර් 6 වෙනිදා පැවැත්වීමට නියමිත පක්ෂයේ මහ සමුළුවේදී පක්ෂයේ බලය අල්ලා ගැනීමට එම පක්ෂයේ ප්‍රබල පිරිසක් සභාපති තනතුර හැරෙන්නට සෙසු තනතුරු සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

එසේ යෝජනා කෙරෙන නම් අතර පක්ෂයේ මහ ලේකම් තනතුර සඳහා හිටපු ඇමතිවරයකු වන ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ නම ඇතුළත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂ මධ්‍යම කාරක සභාව සඳහා අලුතින් නම් යෝජනා කිරීමටද අපේක්ෂිතය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතත් ඒ සඳහා නිශ්චිත පිළිතුරක් නොලැබීම නිසා පක්ෂයේ බලය අල්ලා ගෙන අනතුරුව ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා නම් ලෙස කළ යුතු බවට යෝජනා වී ඇතැයිද දැනගන්නට ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ තරුණ කොටස් වල් වැඩි කැමැත්ත ප්‍රකාශ වන හෙයින්ද පාවෙන ඡන්ද වැඩි ප්‍රතිශතයක් ඒ මහතාට ඡන්දය ලබා දෙන හෙයින් ද අලුතින් ඡන්ද හිමිකම් ලබන 1,50,000 දෙනා අතරින් වැඩි පිරිසකගේ කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතා වෙත ලැබෙන බවට විශ්වාස පළ වන බැවින් ද ඒ මහතා ජනාධිපති අපේක්ෂක වශයෙන් නම් කළ යුතු බව කියැවෙන යෝජනාවක්ද මහා සම්මේලනයේදී ඉදිරිපත් කෙරෙන බවට තොරතුරු වාර්තාවේ.

ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨයින් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් අත්සන් කරන ලද ලිපියද ඊයේ අගමැති වික්‍රමසිංහ මහතාට භාර දුන් බව දැනගන්නට ඇත.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපවරණය සදහා අනිවාර්යෙන් ඉදිරිපත් වන ලෙස පවුලේ සමීප ඥාතියකුගෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතිැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන් සිදුකළ විශ්ලේෂණයකට අනුව වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂකයා ලෙස කළහොත් දෙමල හා මුස්ලිම් ඡන්ද 90% බැගින්ප්‍රතිශත ලබා ගත හැකිය. එවිට සිංහල ඡන්ද 30% ක ප්‍රමාණයක් ලැබුණහොත් ජයග්‍රහණය කළ හැකි බවටත් ඇය අවධාරණය කර ඇතැයි ද පැවසේ.

maubima

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස