රටක් හොඳට පාලනය කරන්න නම් වෙලාවට නොකා නිදි මරන්න ඕන! ඒවාට මට තියෙන්නේ පුදුම පිහිටීමක්! මං එක්ක කාටවත් හැරෙන්නවත් බෑ! – ඇමති සජිත්

July 3, 2019 at 11:08 am | by emanisa.lk

රටක පාලනය කරන කාර්ය නිවැරදිව කරනවා නම් මහන්සි විය යුතු බවත් වෙලාවට කෑම කන්න අවස්ථාවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස පවසයි.

ජනාධිපතිකමට ලස්සන කුණු චුට්ටක් නොගෑවුණු ඇඳුම සුදුසුකම නම් තමන් ඊට සුදුස්සකු නොවන බවත් නිවැරදිව රට පාලනය කරවන අය නිදි මැරිය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

තම පියා වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පාන්දරම අවදි වී මධ්‍යම රාත්‍රී වනතුරු පොදුජන සංවර්ධනය සිදු කළ බවද ඔහු සිහිපත් කරයි.

තමන්ටත් හොඳට නිදි වැරිය හැකි බවත් වැඩි වැඩියෙන් මහන්සි වන විට තමන්ට හරිම ආසාවක් ඇති වන බවත් එය පුදුම පිහිටීමක් බවත් ඔහු සඳහන් කළේය.

එක එක දේ පවසන පුද්ගලයන්ට කඩිසර කමින්, අධිෂ්ඨාන ශක්තියෙන්, කැපවීමෙන් තමන් සමඟ හැරෙන්නවත් බැරි බව ඔහු සඳහන් කළේය.

අනුරාධපුර තඹුත්තේගමදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස