සජිත් යාපනේ බලය අල්ලයි! ඡන්ද 84%ක් ලබයි!

November 17, 2019 at 8:33 am | by emanisa.lk

යාපනය දිස්ත්‍රික්කයේ සියලුම කොට්ඨාශවල බහුතර බලය තහවුරු කර ගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමත් විය.

ඡන්ද 312,722ක් සමඟින් 83.86%ක ඡන්ද ප්‍රතිශතයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මෙහිදී තහවුරු කර ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 23,261 ක් සමඟින් 6.24%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ තෙවැනි තැන ස්වාධීන අපේක්ෂක එම්.කේ. සිවාජිලිංගම් තහවුරු කර ගෙන ඇති අතර ඡන්ද 6,845 ක් හෙවත් 1.84%ක ඡන්ද ප්‍රතිශතයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස