සජිත් පරාද වුණේ මංගල වගේ බෞද්ධ විරෝධීන් අගසව්වෝ කරගත් නිසායි! – පරාජයේ පියවරුන් සොයමින්එ ජාපය කුළල් කා ගනී….

November 18, 2019 at 3:59 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ පරාජයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ සිංහල බෞද්ධ ජන්ද පදනම අහිමි වන ආකාරයේ බරපතල ප්‍රකාශ මැතිවරණ සමයේ සිදුකළ මංගල සමරවීර බවත් ඔහු සිදු කළ එම ප්‍රකාශ නිවැරදි කිරීමට සජිත් ප්‍රේමදාස කිසි විටකත් කටයුතු නොකිරීම පිළිබදව විමතියට පත් වු බවත් එජාප ජ්‍යෙෂ්ඨයින් පවසති.

පක්‍ෂයක් වශයෙන් හෝ පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ සජිත්ගේ කකුලෙන් අදින වැඩ ජනාධිපතිවරණ සමයේ සිදු නොකළ බවද මහසඟරුවනට අපහාස කරන මංගල සමරවීර වැනි පුද්ගලයින් තමන්ගේ අගසව්වන් කර ගෙන සිටීම නිසා දකුණේ සිහල බෞද්ධ ජන්ද සජිත්ට නොලැබුණු බවද ඔවුහු සඳහන් කළහ.

මංගල සමරවීර කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නට ඇතැයි සිතන බවද ඔවුන් කියාසිටියි.

සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා බලකළ මංගල – මලික් ඇතුළු පිරිස දැන් බොරුවට ලකුණු දමා ගැනීම සඳහා ඉල්ලා අස් වී ඇති බවද ඉල්ලා අස්වනවා නම් කණ්ඩායමක් වශයෙන් සියලු දෙනා එකට ඉල්ලා අස් වීමට තිබූ බවද එම ජ්‍යෙෂ්ඨයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස