සජිත් ජනාධිපති වුණත් අගමැති රනිල්! ගෝඨා ජනාධිපති වුණත් අගමැති රනිල්මයි! – ඇමති අජිත් පී.

October 7, 2019 at 10:28 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ ගැටලුවක් මේ අවස්ථාවේ නොමැති බවත් 2024 දක්වා එජාප නායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ දරන බවත් රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා පවසයි.

එජාප නායකත්වය පිළිබඳ කිසියම් ගැටලුවක් මතුවුවහොත් ජනාධිපතිවරණය සමග ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ගැටලුව විසඳුණු ආකාරයටම විසඳෙනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බව සඳහන් කළ ඇමතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ දිගටම අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් අගමැති ධුරය වෙනස් වන්නේ මහ මැතිවරණයට පසුව බවත් සිහිපත් කළේය. ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ ද අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ බව ඔහු අවධාරණය කළේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතරහමාරක් ගතවන තුරු වර්තමාන පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට නොහැකි බව සඳහන් කළ ඇමතිවරයා එම කාලය සම්පූර්ණ වන්නේ 2020 පෙබරවාරි 17 දින බව ද පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස