සජිත් සමග ෆ්ලෑෂ්බැක් බදුලු රැලිය එජාප ප්‍රබලයෝ මග හරිති!

August 13, 2019 at 9:45 am | by emanisa.lk

සජිත්ගේ නොහැකියාව තේරුම්ගත් එජාප ප්‍රබලයෝ සජිත් සුළඟ මඟ හරිති !

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස ඊයේ (12) බදුල්ල විල්ස් පාක් ක්‍රීඩාංගනයේ පැවති රැළියට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිසිවෙකුත් සහභාගී වී සිටියේ නැත.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතු භාරව සිටින ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කර තිබුණු රැළියට එක්ව සිටියේ අජිත් පී. පෙරේරා, රවීන්ද්‍ර සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, සුජීව සේනසිංහ, වසන්ත අළුවිහාරේ, චන්ද්‍රාණි බණ්ඩාර, හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි වැනි පිරිසක් පමණි.

පසුගියදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සජිත් පාර්ශ්වයේ කැරැල්ල දියත් කළ කැරලි නායක මලික් සමරවික්‍රම, සජිත් පාර්ශ්වය නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටත් ගිය එජාප සභාපති කබීර් හෂීම් හෝ සජිත් ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බව මාතරදී රටටම ප්‍රකාශ කළ මංගල සමරවීර යන අමාත්‍යවරුන් ඇතුළු සජිත් පාර්ශ්වයේම ප්‍රබල අමාත්‍යවරුන් සියල්ලන්ම පාහේ බදුල්ලේ රැළිය මඟහැර තිබිණි.

විශේෂයෙන් පක්ෂය විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් තවමත් ගෙන නොතිබියදී පක්ෂය අපහසුතාවට පත්වන ආකාරයෙන් සහ විපක්ෂයට වාසි සහගත වන ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතා අතිධාවනකාරී ලෙස තම පුද්ගලික න්‍යාය පත්‍රය බලහත්කාරයෙන් ක්‍රියාවට නැඟීම ඔවුන්ගේ අප්‍රසාදයට හේතුවී ඇත.

එසේම සජිත් මාධ්‍ය ඉදිරියේ එජාපයේ ප්‍රතිපත්තිවලට සහ ආණ්ඩුවේම ක්‍රියාකාරකම්වලට පහර ගසනවා විනා කිසිවිටෙකත් සෘජුව රාජපක්ෂලාට සහ ඔවුන්ගේ දේශපාලනයට පහර නොදීම ද ඔවුන්ගේ විවේචනයට ලක්ව තිබේ.

“සජිත් ගහන්නේ ගේමක් මෙතන. අපි රාජපක්ෂලාට ගහනවා වගේ කෙළින්ම එයාත් ගහනවා නම් එදාට අපට එයාට සපෝට් එකක් දෙන්න පුළුවන්. එතකල් බෑ තමයි.

අනික බලන්න කාවද වටකරගෙන ඉන්නෙ කියලා ? වැඩක් පිළිවෙලට කරගන්න දන්නෙ නැති, හත්පොළේ ගාගන්න සෙට් එකක්. පෙරේදා ගෝඨාගෙ වැඩේ තිබුණා, ඒක ප්‍රොෆෙශනල් විදියටම කරලා තිබුණා. වෙල් ඕගනයිස්ඩ්. ඒකට මේ මිනිහා. ගෝලයො ලව්වා තමන්ව කර තියවාගෙන ස්ටේජ් එකට ආවා, ස්ටේජ් එකෙන් බැස්සෙ උලත් එකයි – පිලත් එකයි සිංදුව ගහගෙන. ඉතිං කොහෙද වැඩක් කරන්නේ ?” යනුවෙනුයි සජිත් පාර්ශ්වයට සහාය දැක්වූ එක් අමාත්‍යවරයෙකු පවසා තිබුණේ.

LNW

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස