ජනාධිපතිවරණය කැඳවන තුරු අපේක්ෂකයෙක් නම් කරන්න බෑ! මාමාගේ ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙමයි! – රනිල් ව්‍යවස්ථා කෙවිටෙන් සජිත් පිල මට්ටු කරයි….

August 30, 2019 at 3:07 pm | by emanisa.lk

එජාප ව්‍යවස්ථා අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරගත හැක්කේ මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු බව එම පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නනායක්කාර පවසයි.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය නාම යෝජනා මණ්ඩලයක් පත් කරන බවත් ඔවුන් යෝජනා කරන අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

එම ව්‍යවස්ථා සකසා ඇත්තේ ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා බවත් පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීට පෙර ජනාධිපවරණ අපේක්ෂකයකු නම් කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අනුව අද එනම් අගෝස්තු 30 වන දිනට පෙර එජාප මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙස සජිත් පාර්ශවය කළ ඉල්ලීම ඉටු කිරීමේ හැකියාවක් නොමැත.

කෙසේ වුවද 30 වෙනිදාට පෙර ජනාධිපති අපේක්ෂකයා නම් නොකළහොත් සිරිකොත ඉදිරියේ උපවාසයක් ආරම්භ කරන බවට අජිත් පී. පෙරේරා මෙන්ම හරීන් ප්‍රනාන්දු ද තර්ජනය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස