ඇමති පොරය මඩින අලුත් පොටක්! හරීන්, දයා සහ මලික්ගෙන් කෑලි ගලවයි!

January 26, 2019 at 7:40 am | by admin

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා සහ ක්‍රීඩා ඇමැති ලෙස මුලින් දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතාගේ ඩිජිටල් යටිතල පහසුකම් විෂය පථය කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා යටතට පත්කර ඇත.

කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ ඇමැති ලෙස මුලදී දිවුරුම් දුන් දයා ගමගේ මහතාගේ කම්කරු වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය ඉවත් කර කැබිනට් නොවන ඇමැති ලෙස දිවුරුම් දුන් රවීන්ද්‍ර සමරවීර මහතා යටතට පත්කර තිබේ.

සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති මලික් සමරවික්‍රම මහතාගේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ විෂය පථය ඉවත් කර එය කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ මහතා යටතට පත්කර ඇත. රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු සඳහා ද මේ ආකාරයටම විෂය පථයන් වෙන්කර ගැසට් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

මෙම අමාත්‍යාංශ විෂය පථයන් සංශෝධනය සඳහා නව ගැසට් පත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ළඟදීම නිකුත් කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *