එජාප නීති ලේකම් බොරුකාරයෙක්! 2005 ජනාධිපතිවරණයට රනිල් නම් කළේ අවුරුද්දකට කලින්! – එජාප හිටපු මහ ලේකම් තිස්ස

August 31, 2019 at 12:32 pm | by emanisa.lk

2005 ජනාධිපතිවරණය සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නම් කළේ අවුරුද්දකට පෙර බව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසන්නේ එජාප ව්‍යවස්ථාව පිළිබඳ පක්ෂ නීති ලේකම් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන බවත් ඊට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් කළ යුතු බවත්ය.

ඔහු සූදානම් වන්නේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම තවත් මාසයකින් කල් දැමීමට බවත් එහි වාසිය ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂට බවත් ඇමතිවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස