රනිල්ගේ ලිච්ඡවී ප්‍රජාතන්ත්‍රවාදය වැඩ අල්ලයි! සජිත් පිලේ ඇමති අජිත් පී. සහ සූජීව එජාපයෙන් පන්නයි!

September 14, 2019 at 9:36 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත්.පී පෙරේරා සහ සුජීව සේනසිංහගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එජාප විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව විනය කමිටුවේ තීරණය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත බාර දී ඇතැයි ද පැවසේ.

විනය කමිටුවේ තීරණය පක්ෂ නායකයා වෙත බාරදුන් පසුව ඒ පිළිබඳව නැවත සලකා බලා ස්ථිර තීන්දුවක් ගැනීම සිදුකෙරේ.

පක්ෂ විනය කමිටුව ලෙස කටයුතු කළේ කළේ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර යන රනිල්වාදීන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස