රහස් ඡන්ද නෑ! ජනාධිපති අපේක්ෂක මමයි! මම නැත්නම් කරූ! – අගමැති රනිල් දැඩි තීන්දුවක

August 25, 2019 at 7:59 pm | by emanisa.lk

කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම දින 7ක් තුළ එකට කැඳවන ලෙස පසුගිය සඳුදා (19) සජිත් පාර්ශ්වය මන්ත්‍රී අත්සන් 54ක් සමඟ ලිපියක් එජාප නායකයාට ඉදිරිපත් කළේය. එහෙත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැත.

සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා පැවසුවේ, එළඹෙන සඳුදා (26) වනවිට ප්‍රතිචාර නොලැබුණහොත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට තම කණ්ඩායම බලාපොරොත්තු වන බවය. එජාප ව්‍යවස්ථාව අනුව රහස් ඡන්දයක් ගෙන, එම ව්‍යවස්ථාවට අනුකූලවම පක්ෂයේ බලය තහවුරු කර ගැනීම තම පාර්ශ්වයේ අදහස බවද ඔහු පැවසීය. මේ නිසා වෙනත් පක්ෂයක් හැදීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර එජාපයේ රනිල් පාර්ශ්වය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙක් කියා සිටියේ, සජිත් යම් ආකාරයකින් අපේක්ෂකත්වය ලබාගතහොත් ඔහු අගමැති කර රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ සැලසුමක්ද පවතින බවය. මේ නිසා කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳෙව්වද කිසිසේත්ම රහස් ඡන්දයක් දීම සිදු නොවන බවද ඔහු පැවසීය.

තවත් එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් වාර්තා වූයේ එජාපය ප්‍රමුඛ සන්ධානය ගොඩනැගීමෙන් තොරව අපේක්ෂකයා නම් කිරීමද සිදු නොවනු ඇති බවය. එමෙන්ම එම සන්ධානය පිහිටුවීම හා අපේක්ෂකයා නම් කිරීම සැප්තැම්බර් 15 සහ 30 අතර සිදුවනු ඇති බවද එම ආරංචි මාර්ගය සඳහන් කළේය.

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේදී කැඳෙව්වද, සජිත් පාර්ශ්වය බලාපොරොත්තු වන ආකාරයෙන් ජනපති අපේක්ෂකයා තේරීමට රහස් ඡන්දයක් ලබා නොදීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස