පහුගිය ටිකේ කරන්ට් කැපුවේ රාජපක්ෂලා නිසා! අපි බලාගාර හදලා ඉන්දියාවටත් විදුලි දෙනවා! – ඇමති අජිත් පී.

April 16, 2019 at 2:05 pm | by admin

පුනරීන් සුළං බලාගාරය හා සූර්ය බලාගාරය ද මන්නාරමේ සුර්ය බලාගාරය ද මුහුදේ ඔක්ෂෝ බලාගාරය ද ඉදිකළ පසු අනිවාර්යෙන් රටේ විදුලි අතිරික්තයක් ඇති වන බවත් එම විදුලිය ඉන්දියාව හෝ වෙනත් රටකට අපනයනය කළ හැකි බවත් අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබ්මැරීන් කේබල් කාර් ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡා කළ බවත් එවිට අවශ්‍ය විටක ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීමට ද අතිරික්තයක් ඇති විට ඉන්දියාවට ලබා දීමට ද හැකි බව ඇමතිවරයා පවසයි.

යුරෝපයේ සම්ප්‍රේෂණ පද්ධතිය රටවල් කිහිපයක් සමඟ සම්බන්ධ බව ද එක රටක විදුලි ප්‍රශ්නයක් වුණහොත් තවත් රටකින් විදුලිය ලබා ගත හැකි නිසා ගැටලුවක් ඇති නොවන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

විදුලි ප්‍රශ්නය මේ කාලවලදී හැම වසරකම ඇති වන බව ද එය විසඳීමට මෙතෙක් කල් ඇතිව කටයුතු කළ නමුත් 2018 වසර අවසානයේ ඇති වු දේශපාලන අස්ථාවරභාවය නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ඇණ හිටීමෙන් මේ තත්ත්වය ඇති වූ බව ද හෙතෙම පැවසීය.

විදුලිය මිලදී ගැනීම් දැන් අපි සිදු වන අතර විදුලි ඉල්ලුම වැඩි වන විට එම විදුලිය පද්ධතියට එකතු කරන බව ද ඇමතිවරයා පැවසිය. ඔක්තොම්බර් මාසයේ දේශපාලන පෙරළිය නිසා මේ ප්‍රමාදය සිදු වූ බව ද කෙරවළපිටිය බලාගාරය ටෙන්ඩර් කළ ද අධිකරණ කටයුතු නිසා එය නතර වූ බව ද ඇමතිවරයා හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස