යූඇන්පී එකට ඡන්දේ දුන්නාට ජපනේ රස්සා දෙන්නේ නෑ! ඇමති අජිත් පී.ගේ ජපන් රැකියා ඇමට හසුවෙන්න එපා!

August 8, 2019 at 8:13 pm | by emanisa.lk

ඇමති අජිත් පී. පෙරේරා ජපන් රැකියා සිහින පෙන්වා මෙරට තරුණ තරුණියන් රැවටීමට උත්සාහ කරන බවත් මෙවැනි කටයුතුවලට හසු නොවන ලෙසත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු කම්කරු සුබසාධන නිලධාරී චන්න අබේනායක ජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේම මේ ආකාරයට තරුණ තරුණියන් රැවටීමට කටයුතු නොකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

පසුගියදා ඇමතිවරයා සිය පාක්ෂිකයන් වෙත යවන ලද ලිපියක සඳහන් වන්නේ එජාපයට සහ තමන්ට සහයෝගය දැක්වීම සඳහා කෘතගුණ සැලකීමට ජපන් රැකියා අවස්ථා ලබාදිය හැකි බවත් ඒ සඳහා අයඳුම් කරන ලෙසත්ය.

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ හෝ අජිත් පී. පෙරේරාගේ අනුගාමිකයකු වූ පමණින් ජපන් රැකියා ලබාගත නොහැකි බවත් ඒ සඳහා විභාග කිහිපයකට මුහුණ දී සුදුසුකම් සපුරාගත යුතු බවත් චන්න අබේනායක සිය ලිපිය මගින් අවධාරණය කරයි.

ඔහු අප වෙත එවා ඇති සම්පූර්ණ ලිපිය මෙසේය.

2009 වසරේ නව වැනි මස සිට 2015 මාර්තු මස දක්වා ජපානයේ තානාපති කාර්යාලයේ සේවය කළෙමි. මා වසර 28 ක් ජපානයේ පදිංචිව සිටිනවා. ශ්‍රී ලංකාවේ දැනට සිටින අමාත්‍යවරයෙකු වන අජිත් පී. පෙරේරා මහතා විසින් නිකුත්කළ නිවේදනයක් සම්බන්ධයෙන් ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයෙක් විදිහට තමයි මේ පිළිබදව පැහැදිලි කිරීම සිදුකරන්නේ.

ජපානයේ රැකියා පුරප්පාඩුවලට එන සෑම කෙනෙක්ම අඩුම තරමින් එන්5 නමැති ජපන් භාෂාවේ විභාගය සමත් විය යුතුයි. මෙය සමත් කරන්න අඩුම තරමින් මාස හතරක් ගත වෙනවා. පසුව සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දී ජපන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව එන්න තව මාස තුන හතරක් ගත වෙනවා.

ජපානයට එන්න අඩුම තරමින් මාස හත අටක කාලයක් ගත වෙනවා. ජපානයට මේ ක්‍රමවේදය යටතේ රටවල් 10 කට වැඩි ප්‍රමාණයකින් රැකියාවන් සදහා පැමිණෙනවා.

අදාළ නිවේදනයට අනුව ජපානයේ විශාල රැකියා පුරප්පාඩු ඇති බවත් සදහන් වෙනවා. තරුණ ළමුන් මේ ආකාරයෙන් රවටන ක්‍රියාවන් නොකරන ලෙසත් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස