සජිත්ට සිය මැතිවරණ දිස්ත්‍රික්කය යන හම්බන්තොටින් අන්ත පරාජයක්! ගෝඨාට වැඩි ඡන්ද 170 000ක්!

November 17, 2019 at 3:35 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය දිස්ත්‍රික්කය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද අන්ත පරාජයක් ලබා තිබේ. සජිත් ප්‍රේමදාස වසර 20කට අධික කාලයක් නියෝජනය කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි.

ගෝඨාභය රාජපක්ෂ හම්බන්තොටින් ඡන්ද 278 804 ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය. එය 66.17%ක ප්‍රතිශතයකි. සජිත් ප්‍රේමදාස එහිදී ඡන්ද 108 906ක් ලබා ගත් අතර එය 25.85%ක ප්‍රතිඵලයකි.

ඒ අනුව ඡන්ද 169 898ක ඡන්ද ප්‍රමාණයකින් සජිත් සිය දිස්ත්‍රික්කය පරාජයට පත් වී ඇත. එමෙන්ම ඔහු තමන්ගේ ආසනය ද එම දිස්ත්‍රික්ක තුළ දී ඉතා විශාල පරතරයකින් පරාජයට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස