සජිත්ට දැන් 40%යි! ජනප්‍රියත්වය කඩා වැටෙයි! – දෙස් විදෙස් සමීක්ෂණ හෙළිකරන බව එජාප නායකයෝ පවසති…

October 17, 2019 at 10:28 am | by emanisalk

විදේශීය මත විමසුම්වල කුමක් සඳහන් වුවද දේශීය වශයෙන් කළ මත විමසුම් අනුව ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට තවමත් හිමිව ඇත්තේ 40%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර ඊයේ (16) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ද එක්ව සිටියහ.

මෙහිදී අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සිදුකළ මත විමසුමකින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බවයි. එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ 40%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට හිමි වන බවයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී තිබූ ප්‍රතිශතය අවම වී ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් දේශපාලන පක්ෂවල අවශ්‍යතා මත කටයුතු කරන බවට ජනතාව අවබෝධ කරගැනීම ප්‍රතිශතය අඩුවීමට හේතුව බව අනාවරණය වී තිබේ. එම නිසා සිංහල ජාතිකයන්ගේ විරෝධයක් මතුව ඇති බව මත විමසුමෙන් අනාවරණය වී තිබේ.

ඉන්දියාව සිදුකළ මත විමසුමකදීද අමාත්‍ය සජිත් ප්‍රේමදාසට වඩා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී පෙන්වා දී ඇත. මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට යාමේදී පවතින අඩුපාඩු සකස් කර ගැනීමේ ක්‍රමවේද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස