ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ඇතුළේ කචල්! සජිත්ට සහාය දෙන්න නැකැත් හැදූ චන්ද්‍රිකා ලන්ඩනයේ තනිවෙයි!

October 22, 2019 at 11:20 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දීමට තීරණය කළත් ඇතැම් ආසන සංවිධායකවරු එයට අකැමැත්ත පළ කිරීම නිසා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක දිවයිනට පැමිණීම යළිත් වරක් කල් දමා ඇත.

පසුගිය 19 වැනි දින ලන්ඩනයේ සිට ඇය දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ මත ගැටුමක් හේතුවෙන් හිටපු ජනාධිපතිනිය ලබන මාසය වනතුරු ලන්ඩනයේ රැඳී සිටීමට තීරණය කර තිබේ. සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට හිටපු ජනාධිපතිනිය තීරණය කර ඇති බව මීට පෙර වාර්තා විණි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සහ සජිත් පාර්ශ්වය වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර අතර සාකච්ඡා කීපයක් පැවැත්විණි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි නිවැරදි මාවතට ගෙන ඒම සඳහා නොපසුබටව සටන ආරම්භ කරන බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබිණි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ ජයග්‍රහණය පිළිබඳ ඇල්පිටිය ජනතාවට සුබ පතමින් මෙම ලිපිය නිකුත් කර තිබේ. ‘මම ඔබ සමග එකතු වෙනවා.’ යනුවෙන් හිටපු ජනාධිපතිනිය එම ලිපියේ සඳහන් කර ඇත.‌

මේ අතර සජිත් ප්‍රේමදාසට සහයෝගය පල කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමටද මෙතෙක් දිනයක් තීරණය කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස