රිෂාඩ් රකින රනිල්ට හිස්බුල්ලා හොඳ නෑලු! NGO මහතැන් ළඟ තබාගෙන හිස්බුල්ලාගේ ප්‍රකාශයටත් එරෙහි වෙයි!

June 11, 2019 at 10:04 pm | by emanisa.lk

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පසුගියදා කළ ප්‍රකාශයට අගමැති රනිල් වික්‍රමසිංහ සිය විරෝධය පළ කර තිබේ.

ඒ අද (11) අගමැතිවරයා සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර පැවැති හමුවකදීය. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකා අනන්‍යතාව රැක ගැනීම සියලු දෙනාගේම වගකිම බවත්ය.

හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ලෝකයේ මහා ජාතියක් බවත් එහෙයින් කිසිවෙකුටත් බිය නොවිය යුතු බවත්ය.

කෙසේ වුවද ඇමති රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස්වීමට සූදානම් වන විට ඊට ඉඩ නොදී සියලු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වන තැනට කටයුතු කොට මෙම සිද්ධියට ජාතිවාදී මුහුණුවරක් දුන්නේ අගමැතිවරයා බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස