තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් වගේම ජවිපෙත් නඩත්තු ක⁣ළේ ඊබ්‍රාහිම්ලා!

May 19, 2019 at 7:33 am | by admin

ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත්තේ සැන්ග්‍රිලා හෝටලයේ දී බෝම්බය පුපුරවා ගත් පුද්ගලයා සහ ඔහුගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ සහයෝගයෙන් ඔවුන් කුළු බඩු සහ තඹ ව්‍යාපාර මඟින් විශාල ධනස්කන්ධයක් ඉපයූ බවට චෝදනා එල්ල විය. එසේම මැලේසියානු බාල ගම්මිරිස් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා ලේබලය යටතේ බදු සහන ලබමින් ඉන්දියාවට ප්‍රතිඅපනයන වංචාව මගින්ද මොවුන් මහා ලාභයක් ලැබීය.

බෝම්බකරුගේ පියා ජනතා විමුක්ති පෙරමුණ විසින් 2015 ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කළ අතර ඔහු එම පක්ෂය මෙන්ම තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් ද එකවර එකවර නඩත්තු කළ බව මේ අනුව හෙළි වෙයි. මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන තුරුම මොහු ජවිපෙ සමීපතමයකු ලෙස කටයුතු කළ අතර 2018 වසර අග ජවිපෙ කොළඹ පැවැත් වූ සමුළුවකද දක්නට ලැබිණි.

ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක පසුගියදා පුවත්පතකට පවසා තිබුණේ මොහොමඩ් ඊබ්‍රාහිම් සිය පක්ෂයේ සාමාජාකයකු නොවන බවත් ඔහු ජාතික ලැයිස්තුවට ඇතුළත් කළේ සම්මානිත ව්‍යාපාරිකයකු රටේ බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත් පුරවැසියකු ලෙස බවය.

සිය පුතාලාගේ වැරදිවලට අත්අඩංගුවට ගත් ඊබ්‍රාහිම් හොර බොරු වංචා නැති පුද්ගලයකු ලෙස තමන් හඳුනාගත් බවත් ඔහු ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳ වග කියන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස