මට ආණ්ඩුවේ බලෙන් ඉන්න ඕන නෑ! ආණ්ඩුව පෙරළනවා! ඊළඟ ජනාධිපතිවරණයේ දී බලාගමු! – ඇමති රිෂාඩ් තමන්ට එරෙහි වූ කතෝලික අලි රංචුව වැකි තුනෙන් දමනය කරයි!

May 25, 2019 at 6:48 pm | by admin

කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, හරීන් ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා එරෙහි වන්නේ නම් තමන්ට බලෙන් ආණ්ඩුවේ රැඳී සිටිමට උවමනාවක් නැතැයි ද ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් යැයි ද ඇමති රිෂාඩ් බදියුදීන් එජාප මන්ත්‍රී හමුවේදී ආවේගාත්මකව පවසා තිබේ.

ඔහු මෙසේ පවසා ඇත්තේ මෙම මන්ත්‍රී පිරිස රිෂාඩ් රැකීමට සූදානම් නැති බවත් ඇමති ධුරයෙන් ඉවත් වී පරීක්ෂණවලින් නිවැරදිකරු යැයි නැවත ඇමති ධුරයට පත්විය හැකි යැයි පැවසු අවස්ථාවේය.

කෙසේ වුවද රවී කරුණානායක, මංගල සමරවීර, පාලිත රංගෙබණ්ඩාර, ජෝන් අමරතුංග, රංජන් රාමනායක, කබිර් හෂීම්, අජිත් මාන්නපෙරුම, හර්ෂණ රාජකරුණා, මලින් සමරවික්‍රම එහිදී ඇමති රිෂාඩ් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.

තමාගේ මන්ත්‍රීවරු හය දෙනා සමග ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බවත් තමන්ට ආණ්ඩුව පෙරළා දැමිය හැකි බවත් එළඹෙන ජනාධිපතිවරණයේ දී වෙන්නේ මොනවාද කියලා බලාගමු යැයි පවසමින් මෙහිදී ඇමති රිෂාඩ් බදියුදීන් තර්ජනය කර තිබේ.

ඒ සමගම බියට පත් ඇමති ජෝන් අමරතුංග යෝජනා කළේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට සහයෝගය ලබා දීමට යෝජනාවක් සම්මත කර ගැනීමටය. එය වළක්වා ඇත්තේ අගමැති විසිනි. ඒ සිය කතෝලික ඥාතීන්ගෙන් සහ කතෝලික සභාවෙන් එල්ල වන පීඩනය ගැන සඳහන් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස