ඇමති රිෂාඩ්ගේ සතොසේ රහස් කුටි! 9 වෙනි මහළ බාහිර සංවිධානයකට රහසේම දීලා!

May 16, 2019 at 7:48 am | by admin

රිෂාඩ් බද්යූදීන් අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්යාලය පිහිටා ඇති කොළඹ වොක්ෂෝල් වීදියේ සතොස ප්‍රධාන ගොඩනැඟිල්ලේ ඇතැම් සැකසහිත කටයුතු සිදුවන බවත් මේ පිළිබද කඩිනම් පරික්ෂණයක් පවත්වා ආරක්ෂාව තහවුරු කරන ලෙසත් සතොස සේවක එකමුතුව ඉල්ලා සිටියි.

සතොස ගොඩනැඟිල්ලේ 9 වන මහල කිසිදු ගිවිසුමකට අනුගත නොවි යුනිඩෝ සංවිධානයට ලබා දී ඇති බවත් යම් පුද්ගලයෙක් එම මහලට ඇතුළු වන්නේ නම් දුරකථන ඇමතුමක් දි ඇතුල් විය යුතු බවත් එන් පසු ක්ෂණීකව එහි දොර වසා දමන බවත් ඔවුනු පවසයි.

රට තුළ පසුගිය දිනවල ඇතිවූ තත්ත්වය මත මේ සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් සේවක ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතු වී ඇති බවත් එම සේවක එකමුතුව පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස