ඩෙටනේටර් තොගයක් සමග බදූර්දීන්ගේ ලේකම් අත්අඩංගුවට! මීට පෙර හමුදාව ඇල්ලූ බදූර්දීන්ගේ සොහොයුරා පොලිසිය මුදාහැරලා!

April 30, 2019 at 1:35 pm | by admin

අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඩෙටනේටර් තොගයක් සමග මන්නාරම ප්‍රදේශයේදී හමුදාව ඊයේ (29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව ඔහු වැඩි දුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසියට භාර දී තිබේ. මීට පෙර ඇමති බදූර්දීන්ගේ සොහොයුරා ද හමුදාව අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් අතර පොලිසිය ඔහු ප්‍රශ්නකර මුදා හැර තිබිණි.

ශැංග්‍රීලා ඝාතකයා වන මොහොමඩ් ඉන්ෂාෆ්ගේ තඹ කම්හල සඳහා හිස් පතුරම් කොපු ලබා දී තිබුණේ ද ඇමති බදූර්දීන් යටතේ පවතින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගිනි.

දැනට අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රයිම් හජ්ජියාර්ගේ එක් පුතෙකු වන ශැංග්‍රිලා ඝාතකයාගේ බිරිඳගේ පියා රිෂාඩ් බදූර්දීන් මහතාගේ පක්ෂයේ භාණ්ඩාගාරික වෙයි.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවලට බදූර්දීන් ඇතුළු මුස්ලිම් දේශපාලකයන් පිරිසක් සම්බන්ධ බවට දිගින් දිගටම චෝදනා නැඟෙන පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස