රනිල්-සජිත් ගැටුමින් සිරිකොතේ කුණු මහ පාරට විසිවෙයි! සජිත් පිලේ ඇමතියෙකුට එරෙහි චෝදනා පත්‍රයක් රනිල් විපක්ෂයට දෙයි!

August 23, 2019 at 10:17 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයකුට එරෙහිව අගමැති ලේකම් කාර්යාලයට ලැබී තිබූ චෝදනා පත්‍රයක් පසුගිය 21 වෙනිදා විපක්ෂයේ මහින්දානන්ද අලුත්ගමගේ වෙත රනිල් පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු විසින් ලබා දී ඇතැයි වාර්තා වෙයි.

මෙම පුවත වාර්තා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස පාර්ශවය නියෝජනය කරන ඇමති මංගල සමරවීරගේ හිතවතුන් විසින් පවත්වා ගෙන යන ලීඩර් වෙබ් අඩවිය මගිනි.

අදාළ චෝදනා පත්‍රය සහ ඊට අදාළ සියලු ලිපි ලේඛන මෙලෙස විපක්ෂයට ලබා දීමට රනිල් පාර්ශවය කටයුතු කර ඇත්තේ එම චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඇමතිවරයා සජිත් පාර්ශවය නියෝජනය කරමින් ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිය යුතු යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා බව සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස