කට බොරු කීවත් දිව බොරු නොකියයි.. “යන්න එන්න තැනක් නැති විදියට අපි පරාජයට පත්වෙනවා!”-සජිත් වෙනුවෙන් තැනූ වේදිකාවේ සිට මංගල කියයි… (video)

August 24, 2019 at 8:36 am | by emanisa.lk

තමන් සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග එක්ව යන්න එන්න තැනක් නොමැති තැනට පරාජයට පත්වන බව ඇමති මංගල සමරවීර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැති ඇමති සජිත් ප්‍රේමදාසට ජනාධිති අපේක්ෂකත්වය ලබා වෙනුවෙන් සංවිධානය කළ මහජන රැලියේ දී ය.

“අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමන්ලාට රාජපක්ෂලාට යන්න එන්න තැනක් නැති වන විදිහට අපි පරාජයට පත් වෙනවා.”

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ද මංගල සමරවීර විසිනි.

මේ පිළිබඳ සමාජමාධ්‍යවල අදහස් පළ කළ අය පවසන්නේ කට බොරු කීවාත් දිව බොරු කියන්නේ නැත යන උපහැරණයේ අර්ථය මෙය බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස