සිරාට පුළුවන් නම් සජිත්ට බැරි ඇයි! දිනන්න පුළුවන් අස්පයා සජිත් තමයි!-උවිඳු

July 4, 2019 at 9:44 am | by emanisa.lk

එජාප පාර්ශවයෙන් ජයගත හැකි අපේක්ෂකයා ඇමති සජිත් ප්‍රේමදාස බවට ඇමති මංගල සමරවීර පවසන කතාව ඇත්ත බවත් මෛත්‍රීපාල සිරිසේන දිනුවා නම් සජිත්ට දිනන්න බැරි ඇයි දැයි කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ කර්තෘ උවිඳු කුරුකලසූරිය පවසයි. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

”සජිත් දැම්මම මහරාජත් සජිත්ට, දයාන් වගේ අයත් සජිත්ට, ශිරාල් වගේ අයත් සජිත්ට – (රනිල් විරෝධී සැට් එක) සජිත් තාත්තගෙ උරුමෙ කියාගෙන එන හින්ද නීතීයට පිටින් මිනීමැරීමට කැමති අයත් සජිත්ට දෙයි සෑහෙන පිරිසක් – එතකොට තාවකාලිකව රාජපක්‍ෂ කඳවුරට ගිහින් ඉන්න නීතියට පිටින් උස්සල මැරීමට කැමති අයත් සජිත්ට දෙයි.

හැමදේම ආණ්ඩුවෙන් නොමිලේ බලාපොරොත්තුවෙන සජිත්ගෙ තාත්තගෙන් ගෙයක් අරං මුණුපුරාටත් සජිත්ගෙන්ම ගෙයක් ගත්ත ජනතාවත් සජිත්ට දෙයි. කම්කරු රස්සාවක් බලාපොරොත්තුවෙන නූගත් කොට අයත් සජිත්ට දෙයි. නූගත් සෙකෙයුරිටි රස්සා බලාපොරොත්තුවෙන උස අයත් සජිත්ට දෙයි.

ළමයි නැති කසාද බැඳපු ස්වාමි පුරුෂයොත් දෙයි සජිත්ට – ඇයි ළමයි නැති උන්ට අනික් පැත්තෙ උන් බනින බැනිල්ලට ඒ පිරිමි මාර අප්සෙට් එකෙන් ඉන්නෙ. සාදුලත් දෙයි සජිත්ට මොකද ඔය හැම පන්සලටම සජිත් 94 ඉඳන් සල්ලි බෙදල තියෙනව. ඕන මරණාධාර සංගමේක සජිත්ගෙ නම ගහපු පුටු, ටෙන්ට් තියෙන නිසා මැරෙන්නෙ බලාගෙන ඉන්න අයත් සජිත්ට දෙයි.

දිනන්න පුලුවන් අස්පය. හැබැයි ඉතිං ඊළඟට පත්වෙන ජනාධිපතිට සිරිසේනට තරම් වත් බලයක් නැහැ. සජිත් හොඳ තේරීමක්!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස