සජිත් ජනපති කරන මංගලගේ සටනට රනිල් එරෙහි වන අතර දෙමළ පක්ෂ එකඟ වෙයි!

July 13, 2019 at 11:53 am | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා විය ට යුතු බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර ගෙන ආ යෝජනාවට අගමැති රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.

පසුගිය 11 වෙනිදා එජාප මන්ත්‍රී හමුවක දී ඇමති මංගලට ද සජිත් ජනපති අපේක්ෂකයා කිරීමට පක්ෂපාතීව අදහස් දැක්වූ සෙසු ඇමතිවරුන්ට සහ පසුපෙළ මන්ත්‍රී පිරිසට ද අගමැතිවරයා දොස් පවරා තිබේ. මුදල් ඇමතිවරයා ඇතැම් එජාප මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද ලබා දී ඇති බවට ද චෝදනා එල්ල විය.

මේ අතර සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බව දෙමළ පක්ෂ විසින් එජාපයට යෝජනා කිරීමට සූදානම් වෙයි. එම දෙමළ පක්ෂ පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස හැර වෙන කිසිවකු ඉදිරිපත් කළහොත් එජාපය පරාජයට පත්වනු ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස