මත්තල ගුවන්තොටේ වී ගබඩා කළ දෙව්දත්ලා රටට බත දෙන්න තැනූ සහල් ගබඩාවට වැනසූ හැටි මෙන්න! (photos)

December 27, 2019 at 12:11 am | by emanisa.lk

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2013 මරඳගහමුල ප්‍රදේශයේ විවෘත කළ දිවිනැඟුම ධාන්‍යාගාර සංකීර්ණය සම්පූර්ණයෙන් විනාශ වී යන තැනට 2015 බලයට පත්වූ ආණ්ඩුව කටයුතු කර තිබේ.

කෘෂිකාර්මික සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව අරමුණු කරගෙන ඉදිකළ මෙම ගබඩා සංකීර්ණය වී සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් මෙන්ම අලෙවි පහසුකම් ද සහිතව ගොඩනඟා තිබේ.

එමගින් සුළු පරිමාණ මෝල් හිමියන්ට මෙන්ම කුඩා පරිමාණ සහල් නිෂ්පාදකයන් ද වෙළඳපොළ අවස්ථා නිර්මාණය කර දී ඇත. එය රටේ සමස්ත සහල් ඒකාධිකාරය සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකු අතට යාමේ ආදීනව කල්තියා හඳුනා ගෙන පාරිභෝගිකයා, ගොවියා, සුළු පරිමාණ සහල් මෝල් හිමියන් සහ කුඩා සහල් නිෂ්පාදකයන් ද සුරකින උපාය මාර්ගයකි.

කෙසේ වුවද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කළ පසුගිය ආණ්ඩුව මෙම ධාන්‍ය ගබඩාව සහ සහල් අලෙවි සැල් සමූහය විනාශ කර දමා තිබේ.

දිගුකාලයක් තිස්සේ දැවැන්ත සහල් තොග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස පැවති මරඳගහමුල මේ වන විට පොළොන්නරුවේ සහල් මෝල් කිහිපයක ඒකාධිකාරය හමුවේ යටපත් වී තිබේ.

මේ වන විට සුළු පරිමාණ සහල් මෝල් හිමියන් සිය ගණනක් සිය සහල් මෝල් විකුණා දමන තැනට ඇද වැටී ඇති අතර මරඳගහමුල ධාන්‍යාගාරය වැනි මධ්‍යස්ථාන ජාලයක් බිහි කළේ නම් ඔවුන්ට මේ ඉරණමට මුහුණ පෑමට සිදුවන්නේ නැත. එසේ වී නම් අද රට හමුවේ ඇති සහල් හිඟය ද ඇති නොවන්නට හොඳටම ඉඩ තිබුණු බව ජනතාව පවසති.

     

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස