මගී බස්වල තවම මල් සිංදු දාන අයට වැඩ වරදී! 1955ට පැමිණිලි කරන්නැයි ජනතවෙගෙන් ඉල්ලයි!

January 16, 2020 at 8:32 am | by emanisa.lk

බස් රථවල ඝෝෂාකාරී සංගීතය ගැන මඟීන් බොහෝ දෙනා චෝදනා නඟමින් කතා කරනවා. එය බස් රථවල ගමන් ගන්නා මඟීන්ට මහත් හිරිහැරයක්. මේ පිළිබඳව ලැබෙන පැමිණිලි දිනෙන් දින වැඩි වීමත් සමඟම ජාතික ගමනාගමන කොමිසම බස් රථ තුළ සුභාවිත ගීත පමණක් ප්‍රචාරය කළ යුතු බවට වූ වැඩ පිළිවෙලක් දියත් කළා.

ඝෝෂාකාරී සංගීතය වෙනුවට සුභාවිත ගීත  ප්‍රචාරය නොකරන මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි.

මගී බස්රථ සඳහා සුභාවිත ගීත රැසක් අඩංගු CD තැටියක් ඉකුත් දෙසැම්බර් 31 වැනිදා හඳුන්වා දුන් අතර ඝෝෂාකාරී සංගීතය ප්‍රචාරය කරන මගී බස්රථ පිළිබඳව 1955 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිසම මගීන්ගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස