මගී ප්‍රවාහන බස්වල අඳෝනා සිංදු තහනම්! ජනවාරියේ සිට සුභාවිත ගී එකතුවක්!

December 24, 2019 at 4:27 pm | by emanisa.lk

මගී ප්‍රවාහන බස්රථවල වාදනය වන අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත හඳුන්වා දීම සඳහා කටයුතු කරන්නැයි ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට නියමිතය.

ඊට අමතරව බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් පණිවුඩ රැසක් සහිත වීඩියෝපට හඳුන්වා දීමට ද තීරණය කර ඇත.

කෙසේ වුවද මගී ජනතාවගේ රස වින්දන මට්ටම එක හා සමාන නොවන නිසා එම බස්වල ගීත වාදන යන්ත්‍ර ගලවා ඉවත් කිරීම වඩාත් හොඳ විකල්පය බවට ද අදහස් පළවෙයි.

එවිට කැමති අයකුට තමන්ගේ දුරකතන හෝ අයිපොඩ්වලින් ගීත, ධර්ම දේශනා හෝ තමන් කැමති දෙයකට සවන්දිය හැකි අතර නිහඬතාව ප්‍රියකරන අයකුට නිහඬව ගමන් කළ හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස