අංගොඩ ලොක්කත් අත්අඩංගුවේ!

February 9, 2019 at 5:00 pm | by admin

මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තවත් පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කා නමැත්තා ද සිටින බව අනාවරණ වී තිබේ. ඩුබායිහි සුපිරි හෝටලයකදී මදුෂ් ඇතුලු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අංගොඩ ලොක්කා පැන ගිය බවත් ඔහුගේ ප්‍රබල ගෝලයකු අත්අඩංගුවට පත් වූ බවත් මීට පෙර වාර්තා විය.

කෙසේවෙතත් එම හෝටලයෙන් පැන ගිය සැකකරුවන් පිරිසක් ද පසුව අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී පසුව අනාවරණ වී ඇත්තේ අංගොඩ ලොක්කා නමැත්තා ද ඒ අතර සිටින බවය. මෙම සැකකරුවන් සියලු දෙනාගේ රුධිර සාම්පල පරීක්ෂාවක් ඉකුත් දා සිදු කළ අතර අංගොඩ ලොක්කාගේ රුධිර සාම්පලයේ ද විෂ මත්ද්‍රව්‍ය අඩංගු බව හෙළිදරව් වී ඇත.

කළුතර දී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කොට තවත් පාතාළ නායකයකු වූ සමයං ඇතුළු පිරිසක් ඉතාම බිහිසුණු ලෙස ඝාතනය කළේ අංගොඩ ලොක්කාගේ නායකත්වයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *