අනවසර ත්‍රීරෝද රථ ගාල් සහ කඩ කොළඹින් ඉවතට!

January 28, 2019 at 9:06 am | by admin

කොළඹ නගරයේ අනවසර පදික වෙළඳාම් සිදුකරන ස්ථාන සහ අනවසර ත්‍රීරෝද රථ ගාල් සම්බන්ධයෙන් තමන් වාර්තාවක් කැඳවා ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

එම වාර්තාව ලැබීමෙන් පසු අනවසර පදික වෙළඳුන් සහ අනවසර ත්‍රීරෝද රථ ගාල් ඉවත් කිරීමට පියවර ගන්නා බව ආණ්ඩුකාරවරයා පවසයි. කොළඹ නගරය අලංකාර කිරීමේ වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කරන බව ද ඔහු සිටියි.

පසුගිය ආණ්ඩු සමයේ කොළඹ නගරයේ බොහෝ පදික වෙළඳසැල් ඉවත් කර ඔවුන්ට වෙළෙඳාම් කිරීිම සඳහා නව ස්ථාන පවා ලබා දුන්න ද ඊට පසු කාලය තුළ බොහෝ පදික වේදිකා සහ අනවසර ස්ථානවල වෙළෙඳසැල් පැතිරිණි. මෙය පදිකයන්ගේ ආරක්ෂාවට ද නගරයේ අලංකාරයට ද විශාල බාධාවක් වී ඇති අතර මාර්ග තදබදය උග්‍ර වීමට ද හේතුවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස