2009 ත්‍රීවිල් රියදුරෙක් වූ කෝටිපති ISISකාරයෙක් වත්තලින් අල්ලයි! මදූෂ් සහ කංජිපානි සමගත් දැඩි සබඳතා සබඳතා!

May 16, 2019 at 2:58 pm | by admin

අයිඑස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

2009 වසරේ ත්‍රීරෝද රථයක් පැදවූ සැකකරු මේ වන විට මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය කියයි.

මේ පුද්ගලයා සතුව දැන් නැව් භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ආයතනයක් ඇති බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොහු සතුව ගමන් බලපත්‍ර දෙකක් තිබූ අතර වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඒවා පොලිස් බාරයට ගෙන ඇත.

මාකඳුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන් සමග මොහුට ඉතාම සමීප සබඳතා ඇතැයි ද හෙළි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස