අයහපත් කාලගුණය නිසා කටුනායකට පැමිණි යානා 4ක් මත්තල වී ගබඩාවට බස්වයි!

April 17, 2019 at 8:17 pm | by admin

අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වීම නිසා කටුනායක ගුවන්තොටුපළට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානා තුනක් සහ කටාර ගුවන් සේවයට අයත් යානාවක් මත්තල ගුවන්තොටුපළට ගොඩබස්වා තිබේ.

ඒ අනුව මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණිමට නියමිතව තිබු යූ.එල් 315 ගුවන් යානාය ඉන්දුනීසියාවේ ජකර්තා සිට පැමිණි යූ.එල් 365 ගුවන් යානය, සිංගප්පූරුවේ සිට පැමිණි යූ.ඒ 303 ගුවන් යානය මත්තල ගුවන්තොටපල වෙත හරවා යවා තිබේ.

ඊට අමතරව කටාර් එයාවේස් ගුවන් සමාමට අයත් කීව්. ආර්. 654 යානය ද මත්තල ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබේ.

මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට පෙර මෙවැනි හදිසි යානා ගොඩබැස්සවීම් සඳහා භාවිත කළේ ඉන්දියානු ගුවන්තොටුපළවල්ය. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව සතුව තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඇති නිසා එවැනි හදිසි අවස්ථාවල ඉන්දියාවට ඇදී ගිය මුදල ලංකාවේ ඉතිරි වෙයි.

පසුගිය සමයේ අමාත්‍ය පාඨලි චම්පික රණවක ද මත්තල ගුවන් තොටුපළ තැනීම අපරාධයක් බව ප්‍රකාශ කර තිබිණි. එසේම මේ වන විට එම ගුවන් තොටුපළ ඉන්දියාව වෙත ලබා දීමට ආණ්ඩුව සූදානම් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *